පාසල් ගීතය
සිප්සත දී අප යහ මඟ ගන්වා
ලුණුගල විදුහල් මෑණි දිනේවා
දස දෙස පූජිත
වේ සැමදා
සෙවනව අප හට මිහිර සදා
ගුණදම් වඩලා දුසිරිත් දුරලා
අප සැප වත් කළ මැන මාතා
සිප්සත දී ............
සමගිය සාමය ඇති වේවා
සැප සම්පත් නිති සැලසේවා
අපෙ රට අපෙ ජාතිය පණගන්වා
යන්නට ඉදිරිය බලදේවා
සිප්සත දී ............
පද රචනය - නිමල්සිරි චන්ද්‍රෙස්කර මහතා
**********************
බ/ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය පිළිබඳ ඉතිහාසය
ලුණුගල
විදු මෑණීයන්ගෙන් සිප්සතර හැදැරූ දුවා දරුවන් අති විශාල ප්‍රමාණයක් මෙරට මෙන්ම විදේශයන්හි
පවා තම ජීවිකාව පවත්වාගෙන යන බව අප දන්නා කරුණකි. ඔබ, අප මෙන්ම ඔවුන් ද අකුරු කළ
ලුණුගල විදු මාතාවගේ ඉතිහාසය දෙස බලන කළ මෙසේ ය....
ක්‍රි.ව.1890
වේ දී පමණ ලුණුගල නගරය අසළ කුඩා කඳු ගැටයක පිහිටි එක් ගමක් වන සිල්ක් ෆාම් හි පාසල පළමුව ආරම්භ කරන ලද බව විද්‍යාලීය
ඉතිහාසය තුළ සඳහන් වේ. එකළ ගමේ ආරවුල් විසඳු ස්ථානය ලෙස සැළකෙන ගම් සභාව ද මෙම
පාසල ආරම්භ කරන ලද ස්ථානය අසළ පැවති බව පැවසේ. ප්‍රථමයෙන් ම විදුහලේ ප්‍රධානාචාර්යවරයා
ලෙස කටයුතු කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ සිට පැමිණි ගොඩමුන්නේ නම් මහත්මයෙකි. එවකට
උඩකිරුව, පල්ලේකිරුව වැනි ගම් වලින්ද විදුහලේ අධ්‍යාපනයට සිසුන් පැමිණි බව සඳහන්
වේ.
එවක
පස්වන ශ්‍රේණිය සමත්වූ සිසුන් මොනිටර්වරුන් ලෙස එම පාසලේ ම සේවයට යොදවා ගන්නා ලදී.
I, II, III ලෙස මොනිටර් ශ්‍රේණි 03 ක් වු අතර 06 ශ්‍රේණිය
සමත් වූ සිසුවකු මොනිටර් කෙනෙකු ලෙස අවුරුදු 03 ක් ද 08 පාසල් වු සිසුවෙකු මොනිටර්
වශයෙන් අවුරුදු 02 ක් ද සේවය කළ පසු ගුරු පත්වීමකට සුදුසුකම් ලැබීය. මොනිටර්
වශයෙන් සේවය කළ කාලයට කිසිදු ගෙවීමක් නොකෙරුණු අතර අවුරුදු 03 අවසන් වූ පසුව
පත්වීම ලැබෙන තෙක් රු.15 බැගින් ගෙවීමක් කර ඇත. මෙම තොරතුරු සඳහන් කරනු ලැබුවේ පසු
කාලයේ දී මෙම විදුහලේ විදුහල්පතිවරුන් ලෙස පත්වීම ලැබු බොහෝමයක් දෙනා මෙලෙස
මොනිටර්වරුන් ලෙස විදුහලින්ම මතු වූවන් වී නිසාය.
එසේ
විද්‍යාලය දියුණු මට්ටමකට පැවත එන විට මුල් ස්ථානයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම
හේතුවෙන් පාසල වෙනත් භූමියකට ගෙන යෑමට සිදුවිය. එනම් දැනට විදුහල පවතින ලෝණගිරි
පුරාණ රජමහා විහාරය අසළ පිහිටි භුමිය වෙතටයි. එම කාලයේදී පාසල හඳුන්වනු ලැබුවේ
ලුණුගල කණිෂ්ඨ විද්‍යාලය යන නමිනි. මේ සඳහා පුරෝගාමීව කටයුතු කළේ එවකට විදුහලේ ප්‍රධානාචාර්යවරයා
ලෙස සිටි උඩකිරුව උපන්ගම වූ දීප්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන මුදලිහාමි සේනානායක මහතා
ය. ඔහු මෙම ප්‍රදේශයෙන් බිහිවූ පළමුවන ප්‍රධානාචාර්යවරයා ද වීම විශේෂත්වයකි. එතුමා
පසු කලෙක බඩල්කුඹුර ප්‍රදේශයට ස්ථිර පදිංචියට ගිය අතර ඔහුගේ පුත්‍රයා මෙම ප්‍රදේශයෙන්
බිහි වූ ප්‍රථම ශාස්ත්‍රපති උපාධිධාරියා වෙයි.
තවත්
මොනිටර්වරයෙකු වූ එවකට වැදිවෙල ලෙස හැඳින් වූ (අද ජනතාපුර නම්වන) ගම් පියසේ ශිෂ්‍යයෙකු
වූ ජී.ටී.රත්නායක මහතා ඊළඟ විදුහල්පතිවරයා විය. මොහු ඌවේ ප්‍රථම පුහුණු ගුරුවරයාද
විය. මෙතුමාගේ සමයේදී සිසුන් සංඛ්‍යාව සියය ඉක්මවීය. දුර බැහැරින් පැමිණි
ගුරුවරුන් තිදෙනෙක් වූහ. ගබඩා කාමරයක් හා තවත් කුඩා කාමරයකින් යුත් අඩි 40 x 20 ප්‍රමාණයේ
ගොඩනැගිල්ලක එවකට පාසල පවත්වාගෙන යන ලදී. 1933 වන විට එතුමා වෙනත් පාසලකට ස්ථාන
මාරුවක් ලැබු අතර ලුණුගල උපන් මෙම විදුහලේ ම ඉගෙනුම ලැබු ටී.රත්නායක මහතා
විදුහල්පතිවරයා බවට පත්විය. සය වසරක සේවා කාලයකින් පසු එතුමා විශ්‍රාම ලැබු අතර
වැඩ බලන විදුහල්පතිවරයා ලෙස ඩබ්.එම්.යූ.එච්.ධනපාල මහතා මාස 04 ක කාලයක් සේවය කළේය.
ගුරු මණ්ඩලය 03 ක් වූ අතර 08 ශ්‍රේණිය දක්වා මෙකළ පංති පැවතුණි.
අරවාකුඹුරේ
උපත ලැබු මෙම විදුහලේ ම ආදි ශිෂ්‍යයෙකු වූ කේ.බී.හේරත් මහතා 1940 දී මෙහි
විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ අතර ගුරු මණ්ඩලය 08 දක්වා ඉහළ ගියේය. එතුමාගේ සේවා
කාලය අවුරුදු 08 කි. ගම්පහ ප්‍රදේශයේ අයෙකු වූ එච්.එස්.ඩයස් මහතා ඊළඟ
විදුහල්පතිවරයා විය. එතුමා ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතිකය තෙක් පංති ආරම්භ කළ අතර
ගොඩනැගිලි 02 ක් දක්වා විදුහල පුළුල් කිරීමට ද කටයුතු කර ඇත. 1950 දක්වා කණිෂ්ඨ
විදුහලක් ව තිබු පාසල කණිෂ්ඨ ද්විතීයික විදුහලක් දක්වා උසස් කරනු ලැබී ය. වාර්තාගත
වී ඇති පරිදි ප්‍රථම වරට ක්‍රීඩා උත්සවයක් පවත්වා ඇත්තේ ද 1955 වසරේ දී ය. 1956 දී
මහා විද්‍යාලයක් දක්වා උසස් වීම ද වැදගත් සංධිස්ථානයකි.
ඉඩකඩ
අඩුපාඩුකම් නිසා ගම්වැසියන් විසින් පිදුරු සෙවි කළ තාවකාලික ගොඩනැගිල්ලක් තනවා දීමත්, එය ගිනි ගැනීම නිසා දීර්ඝ කාලයක්
දෙවරු පාසලක් ලෙස පංති පවත්වා ගෙන යෑමත්, ප්‍රාථමික පංති පන්සලේ පවත්වාගෙන යෑමත්,
විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.
තවද
1952 ට පෙර 01 සිට 05 දක්වා සිංහල මාධ්‍යයෙන්ද, 6-9 දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද,
පංති පවත්වා ඇත. 1952 න් පසු සිංහල මාධ්‍යයෙන් පමණක් පංති පවත්වා ඇති අතර දැනට ද
පාසලේ පවතින අනුපිළිවෙලින් පැරණි ම ගොඩනැඟිලි වන “තිස්ස හා
පැරකුම්” ශාලා මේ යුගයේ දී ඉදි කෙරිණි.
අනතුරුව
ආ ටී.එස්.සුගතපාල මහතාගෙන් පසු අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් ලෙස විශ්‍රාම ගිය
ඩබ්.එම්.ප්‍රේමරත්න මහතා විදුහල්පතිවරයා විය. 1960 දී එවකට පස්සර පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයා වූ අමරානන්ද රත්නායක මහතා විසින් පාසල ඉදිරිපිට රබර් වතු යායෙන්
කොටසක් පවරාගෙන ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ලක්, විද්‍යාගාරය, හස්ත කර්මාන්ත ශාලාව
සහ විදුහල්පති නිල නිවස ඉදි කිරීමට කටයුතු කළ අතර ක්‍රීඩාංගනයද ලබා දෙන ලදී. මේවා
විවෘත කෙරුණේ ඩි.ඒ.අඹේපිටිය විදුහල්පතිවරයාගේ අවධියේදී ය.
පසුව
අතිරේක දිසාපති වරයෙකු වූ රන් ආරියදාස මහතා විදුහල්පතිවරයා වශයෙන් සේවය කළ කාලය ද
විදුහලේ කීර්තිය පැතිර ගිය වකවානුවකි. සංගීත අංශයෙන් සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහනයන්
ලැබීමද විශේෂ කරුණකි. ප.දෝහේමපාල මහතා වැඩබලන විදුහල්පතිවරයෙක් ලෙස සේවය කළ අතර
1972 දී පී.ජී.සිල්වා මහතා විදුහල්පතිවරයා වශයෙන් පත්විය. එතුමාගේ ස්ථාන මාරුවෙන්
පසුව ෆ්‍රැන්සිස් රාජපක්ෂ මහතා කෙටි කලක් වැඩ බැලීමේ නිරත විය.
1972
න් පසුව පුස්තකාල ගොඩනැගිල්ලක් ද, විදුහලට විදුලි බලයද ලබා දී ඇති අතර ප්‍රථම වරට
නව දෙමහල් ගොඩනැගිල්ලක් සඳහා උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම විසින් මුදල් වෙන් කරන
ලදී. මෙම යුගය වන විට පසුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් ව විශ්‍රාම ගිය ආදි ශිෂ්‍ය
ඩි.වී.ඩිවීරසේකර මහතාගේ සේවය විදුහල්පතිවරයා වශයෙන් විදුහලට ලැබෙමින් තිබු බවත්
සඳහන් කළ යුතුය
පසුව
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයෙක් ව විශ්‍රාම ගිය එන්.ඒ.ඩබ්.ගුණරත්න මහතා 1978 – 1989
වකවානුවේ විදුහල්පතිවරයා විය. විදුහලේ භෞතික පරිසරය අලංකරණය පිළිබඳ කැපවීමෙන්
කටයුතු කළ අවධියකි. එකළ දෙවන දෙමහල් ගොඩනැගිල්ල හා ප්‍රාථමික අංශ ගොඩනැගිලි ද
ලැබුණු අතර බුදු මැදුර හා පොකුණු පරිශ්‍රයද මෙකළ ඉදි කෙරුණි. බාල දක්ෂ කණ්ඩායම
ඇරඹුණේද 1979 දී ය. ඊ.එම්.කමලාවතී ශිෂ්‍යාව මී.5000 කාන්තා ධාවන තරඟයෙන් ජාතික ක්‍රීඩා
උළෙලේ දී ශ්‍රී ලංකා වාර්තාව තැබුවේද මේ යුගයේදී ය. ජාතික පාසල් ක්‍රීඩා ජයග්‍රාහකයෙක්
හා පාසල් ක්‍රීඩා වර්ණලාභියෙක් බිහි වූයේ ද මේ යුගයේය.
ආර්.පී.එම්.ප්‍රේමරත්න
මහතා 1989 - 1990 වසරවල දී ද ඒ.එම්.අප්පුහාමි මහතා 1991 - 1995 කාලයේ දී ද
විදුහල්පති ධුරය ඉසිලී ය. ප්‍රාථමික ගොඩනැගිල්ලක් හා දන්ත චිකිත්සාගාරය ඉදිවුයේද
දැනට පුස්තකාලය හා ගෘහ විද්‍යාගාරය පවතින දෙමහල් ගොඩනැගිල්ල හා රංග ශාලාව යනුවෙන්
හැඳින්වෙන පාරට හා පන්සලට ආසන්නතම ගොඩනැඟිල්ල මුල්ගල් තැබුවේද මෙම අවධියේ ය. ශිෂ්‍යභට
ඛණ්ඩයේ පුරෝගාමී පුහුණු වීම් ද ඇරඹිණි. මධ්‍ය මහා විද්‍යාලයක් බවට උසස් වුයේ ද මෙම
කාලයේදී ය.
1995
- 1999 එල්.කේ.විල්සන් ද සිල්වා විදුහල්පති ධුරය හෙබ වූ යුගය වන අතර ඉහත ගොඩනැඟිලි
විවෘත කෙරුනේ ද, පාසල් බිම් නිරවුල් කිරීමේ දැඩි ප්‍රයත්නයක නිරත වුයේ ද, පාසල තුළ
පොදු ඇමතුම් පද්ධතියක් ආරම්භ කළේ ද මෙකලය. ශිෂ්‍යභට ඛණ්ඩය ප්‍රථම වතාවට රන්ටැඹේ
ශිෂ්‍යභට ඇගයීම් කඳවුරට සහභාගී වීම ද සිදුවිය.
එල්.කේ.විල්සන්
ද සිල්වා විදුහල්පතිවරයාගෙන් පසුව මාස කිහිපයක් පී.විමලසිරි මහතා විදුහල්පති ධුරය
ඉසිලී ය. එතුමාගෙන් පසුව ඒ.එච්.ගුණදාස මහතා 1999 - 2003 වකවානුවේ විදුහල්පති ධූරය
ඉසිලීය. ප්‍රාථමික අංශයේ 50 x 20 ගොඩනැගිල්ල ඉදිකෙරුනේ ද ළිඳ අළුත්වැඩියා කර
මෝටරයක් සවි කිරීම සිදුවුනේ ද මෙම වකවානුවේ දී ය. දෙබඩි විද්‍යාගාරයට මුල්ගල
තැබිණි.
2003
- 2004 වර්ෂවලදී එන්.එච්.නන්දාවතී මහත්මිය මෙම විදුහලේ ප්‍රථම විදුහල්පතිනිය වුවා
ය. දෙබඩි විද්‍යාගාරය විවෘත කෙරුනේ ද මෙම අවධියේ ය. 2004 සිට 2017 දක්වා මෙම විද්‍යාලයේ
විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේ ලුතිනන් ඒ.ජී.විජේසිංහ මහතාය. 2008 වර්ෂයේ සිට ඉසුරු පාසල් ව්‍යාපෘතිය යටතේ
දැවැන්ත සංවර්ධනයකට යොමු වු අතර, 2011 වර්ෂයෙන් පසු ද්විතියික පාසලක් ලෙස සංවර්ධනය
වීමද කැපී පෙනෙන සන්ධිස්ථානයක් ලෙස නම් කල හැකිය. ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය ලෙස
පැවැති මෙම විද්‍යාලය 06 - 13 ද්විතියික පාසලක් හා 01 - 05 ප්‍රාථමික පාසලක්
ලෙසත්, පාසල් දෙකක් වන්නේ 2009 වර්ෂයේදීය. එම වර්ෂයේම ඉසුරු පාසල් ව්‍යාපෘතිය යටතේ
ද විශාල සංවර්ධනයක් සිදු විය.
වසර
13 ක පමණ කාලයක් විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ ලුතනන් ඒ.ජී.විජේසිංහ මහතා 2017
වර්ෂයේදී විශ්‍රාම යෑමත් සමඟ මෙම විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස ඒ.ඩී.විමලසිරි
මහතා පත්විය. මාස කිහිපයක් විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ එතුමා ස්ථාන මාරුවීම් ලැබ
ගිය පසු විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ ආර්.එම්.සෙනවිරත්න
බණ්ඩාර මහතා වැඩබලන විදුහල්පතිවරයා ලෙස පත්විය. ඉන් පසු 2018 සිට 2021 දක්වා විදුහල්පතිවරයා
ලෙස කටයුතු කරනු ලැබුවේ මෙම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ආර්.එම්.ජයවර්ධන මහතා ය.
එම කාලවකවානුවේද විද්‍යාලයේ සංවර්ධන කටයුතු මෙන්ම සිසු දරු දැරියන්ගේ දක්ෂතා අතින්
දියුණුවක් ඇති විය. එමෙන්ම 2021.05.03 වන දින සිට මෙම විද්‍යාලය ජාතික පාසලක් බවට
පත් කිරීම විද්‍යාලීය ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් බවට පත්විය. එය මෙම විද්‍යාලයෙන්
අකුරු කළ සියලු ම දෙනා ලද ජයග්‍රහණයකි. 2021.06.16 වන දින විදුහල්පති ආර්.එම්.ජයවර්ධන
මහතා විශ්‍රාම යෑමත් සමඟ වර්ථමානයේ විද්‍යාලයේ විදුහල්පති ධුරය හෙබවනු ලබන්නේ
පී.ජී.සී.ඩී.කරුණාරත්න මහතා ය.
භුමිය :
I.
පාසලේ මුළු භුමි ප්‍රමාණය -
අක්කර 5
II.
ගොඩනැගිලි ඉදිකර ඇති භුමි ප්‍රමාණය - අක්කර 4 ½
III.
ගොඩනැගිලි ඉදිකිරීමට ඇති භුමි ප්‍රමාණය - අක්කර ½
පෝෂිත ප්‍රදේශය :
ග්‍රාමසේවා වසම් 17 ක සිසුන් අධ්‍යාපන කටයුතු සඳහා පැමිණේ.
i. ලුණුගල නගරය**************************
ii. අත්තනගොල්ල
iii. කොට්ටල්බැද්ද
iv. ජනතාපුර උතුර
v. ජනතාපුර දකුණ
vi. ජනතාපුර මධ්‍යම
vii. උඩපංගුව
viii. උඩකිරුව
ix. පල්ලේකිරුව
x. මඩුවත්ත
xi. යපම්ම
xii. පීස්සගම
xiii. හොප්ටන්
xiv. මීල්ලබැද්ද
xv. අරවාකුඹුර
xvi. වේරගොඩxvii. අලකොලගල
*****************************
හැඳින්වීම..........
වර්ෂ 1890 දී පමණ ආරම්භකර මෙම පාසලට දැනට අවුරුදු 130 ක් පමණ වේ.
අක්කර 5 ක පමණ ප්‍රමාණයකින් සමන්විත පාසල් භුමිය මැදින් පල්ලේපංගුව නම් වු ගම්මානය
දක්වා විහිදෙන මාර්ගය වැටී ඇත. මාර්ගයෙන් එක් පැත්තක ලුණුගල ප්‍රාථමික විද්‍යාලයත්,
අනෙක් පැත්තෙන් ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයත් පිහිටා ඇත. දැනට සිසු සිසුවියන් 600
ක් පමණ ඉගෙනුම ලබන අතර අධ්‍යයන කාර්ය මණ්ඩලය 49 කි. එමෙන්ම ක්‍රීඩා පුහුණුකරුවන් 2
කු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 8 කි. විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් ගුරු මණ්ඩලය කරන
කැපවීම අගය කරමි. 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන අතර
අ.පො.ස.(උසස් පෙළ) කලා, වාණිජ, තාක්ෂණ යන විෂය ධාරා ක්‍රියාත්මක වේ. එමෙන්ම දැනට
දහතුන් වසරක සහතික කරන ලද අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක වන ලුණුගල ප්‍රදේශයේ
තිබෙන එකම සිංහල මාධ්‍ය ජාතික පාසල මෙම විද්‍යාලයයි. එහි පළමු කණ්ඩායම දැනට
වෘත්තිය පුහුණුව ලබන අතර තෙවන කණ්ඩායම 2020 වර්ෂයේදී වෘත්තිය පුහුණුව ලැබීම සඳහා
ආයතන ගත වීමට නියමිතය.
මෙම විද්‍යාලයේ අ.පො.ස.(සා/පෙළ) විභාග ප්‍රතිඵල හා අ.පො.ස.(උසස් පෙළ)
විභාග ප්‍රතිඵල ඉහළ මට්ටමක පවතින අතර විෂය සමගාමී වැඩ සටහන් වලින් ලබන ජයග්‍රහණ ප්‍රමාණය
ඉහළ මට්ටමක පවතී.
එසේම මෙම විද්‍යාලයට ප්‍රමාණවත් භෞතික සම්පත් තිබෙන අතර ක්‍රීඩාපිටිය
සංවර්ධනය කළ යුතුය. එසේම මෙම විද්‍යාලයට ඇති එකම අඩුපාඩුව රැස්වීම් ශාලාවක් නොමැති
වීමයි. අවශ්‍යතා අනුව විදුහලේ සිටින සියලු සිසුන් එකරාශි කර ගෙන රැස්වීමක්
පැවැත්වීමට හැකියාවක් නොමැත. එමෙන්ම තාක්ෂණික විද්‍යා පීඨයත අවශ්‍යතාව ද පවතී. එම
අඩුපාඩු ඉදිරි වර්ෂයේදී සපුරා ගැනීමට හැකිවෙතයි අපේක්ෂා කරමි.
මෙම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ජාතික මට්ටමේ ඉහළ විවිධ තනතුරු හොබවන
බොහෝ පිරිස් සිටින අතර ඒ අය විද්‍යාලයට ලොකු ශක්තියකි. ඔවුන් ඒකරාශි කරගෙන විදුහලේ
සංවර්ධනයට දායක කර ගැනීමට අපේක්ෂා කරමි.
වර්තමානයේ විද්‍යාලයේ සිටින ගුරු මණ්ඩලය විවිධ හැකියාවන් වලින්
සමන්විත පිරිසක් වීම දරුවන් ලද ජයග්‍රහණයකි. එසේම ප්‍රජා දායකත්වයද හොඳ මට්ටමක
පවතී. මෙම පාසල දරුවන්ට සුරක්ෂිත ස්ථානයක් මෙන්ම ප්‍රියජනක ඉගෙනුම් මධ්‍යස්ථානයක්
බවට පත්කර දිප්තීමත් විද්‍යාලයක් බවට පත් කිරීම මාගේ අපේක්ෂාවයි.
එසේම විද්‍යාලයේ කාර්යයන් සිදුකිරීමේදී පළාත්, කලාප හා කොට්ඨාස කාර්යාල වලින් ලැබෙන සහයෝගය කෘතවේදීව සිහිපත් කරමි. විද්‍යාලය දිනෙන් දින දියුණුවට පත්කිරීමට සැමගේ සහයෝගය අපේක්ෂා කරමි.
පි.ජී.සී.ඩී.කරුණාරත්න
විදුහල්පති
බ/ ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය
ලුණුගල.
*******************
· පාසලේ නම බ/ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය
ලිපිනය බ/ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය, ලුණුගල
· පාසලේ ආරම්භය 1890
· වෙබ් අඩවි ලිපිනය www.lunugalammv.blogspot.com
· පාසල් වර්ගය 1 C
· පාසල් විභාග අංකය 03284
· පාසල් සංගණන අංකය 21132
· දුරකතන අංකය 0552051067
· පාසල අයත් දිස්ත්‍රික්කය බදුල්ල
· පාසල අයත් පළාත ඌව පලාත
· පාසල අයත් අධ්‍යාපන කලාපය පස්සර
·
පාසලේ පිහිටීම බදුල්ල මඩකලපුව ප්‍රධාන මහා මාර්ගයේ (A5 මාර්ලයේ) ලුණුගල නගරයේ සිට ½ km ගිය කළ හමුවන පළමු වන හන්දියේ නැගෙනහිර
දෙසට හැරී ¼ K.m පමන ගිය කළ පාසල
හමුවේ. ලුණුගල නගරයේ බස් නැවතුම්පල ඉදරියේ පාසලේ නම
සදහන් දැන්වීම් පුවරුවක් ඇත එය ඉදිරියෙන් ඇති ගුරු පාරේ ¼
Km ක් පමන ගමන්
ගත් කළ පාසල හමුවේ. එම පාරේ වාහනයක් යා නොහැක.
පාසලේ වර්තමාන විදුහල්පති - P.G.C.D.කරුණාරත්න මයා
දුරකතන අංක - 070 2561913
************************
බ/ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය
ආදර්ශ පාඨය
“පෙරට ම යමු”
දැක්ම
නව ලොවට සරිලන ගම රට ද හඳුනන පිරිපුන් මිනිසෙක් සමාජගත කිරීම.
මෙහෙවර
නිසග හැකියා පොදු නිපුණතා මතුවන මනරම් පාසල්
පරිසරයක ප්‍රජා යහ අරමුණු ඉටුවන නිසි සැලසුමක එකාවන් ව නියැළී ගුණ නැණ සපිරි
මානවකයෙක් දොරට වැඩුම.
************


0 Comments